Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොල් හිඟයට හේතුව හෙළි වෙයි
    Featured

    පොල් හිඟයට හේතුව හෙළි වෙයි

    By LFNJanuary 25, 2025No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.

    මහාචාර්යවරයා පැවසුවේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගත් බවය.

    නමුත් 2024 වසර වන විට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත් පොල් නිෂ්පාදනය වර්ධනයක් සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    මේ හේතුවෙන් ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම මීට පොල් හිඟට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

    මේ අතර පොල් හිඟයට දීර්ඝකාලීන විසඳුමක් ලෙස පොල් පැළ මිලියන 3ක් මේ වසර තුළ සිටුවීමට පොල් වගාකිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.

    ආසන්න වසර කිහිපය ගත්විට පොල් මිල සැසඳීමේදී 2020 දී පොල් ගෙඩියක් වෙළෙඳපොළ තුළ රුපියල් 60ත් 70ත් මිලකට අලෙවි විය.

    2022 අගභාගය වන විට පොල් ගෙඩියක මිල දැක්වුණේ, රුපියල් 100ක අගයකයි.

    2023 අවසානය වනවිට පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 80 – 120ත් අතර මිලක පැවතියේය.

    කෙසේවෙතත් ගෙවුණු 2024 අවසානය වනවිට පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 160 සිට 200 දක්වා ඉහළ ගොස් තිබුණි.

    දැනට නිකුත් වී ඇති දත්ත අනුව ගෙවුණු 2024 දී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 700කින් පමණ පහත වැටී තිබේ.

    පසුගිය වසර හතරේදී වාර්ෂික පොල් නිෂ්පාදනය සටහන් වුයේ 2020 දී පොල් ගෙඩි මිලියන 2792ක්, 2021 දී පොල් ගෙඩි මිලියන 3120ක්, 2022 දී පොල් ගෙඩි මිලියන 3391ක් සහ 2023 දී පොල් ගෙඩි මිලියන 2682ක් වශයෙනි.

    මෙලෙස පොල් අස්වැන්න අඩුවීමට ප්‍රධාන කාරණ රැසක් බලපා තිබේ.

    ඒ, පොහොර යෙදීම අවමවීම, වන සතුන්ගෙන් සිදුවන හානි , කාලගුණික වෙනස්වීම් මෙන්ම මෑතකාලීනව පොල් වගා ඉඩම් කට්ටි කර වෙනත් ව්‍යාපෘති සඳහා විකිණීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

    මේ හේතුවෙන්, 2000 අංක 1 දරන ගස් හෙලීම පාලනය කිරීමේ සංශෝධන පනත යටතට පොල් ගස එක්කිරීම 2021 දී පියවර ගනු ලැබුවේ, අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.