Author: LFN

ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවත් වාර්තා වේ. මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති අතර පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එහි අනෙක් බස් රථයේ ගැටී තිබේ. අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර් යන්ත්‍රය, වතුර පොම්පය ඇතුළු උපකරණ ද කිලිනොච්චිය පොලිස් භාරට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

නීති විරෝධීව ආනයනය කරන ලද සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂා කිරීමකදි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සඟවා මෙම සිගරට් තොගය මෙරටට ආනයනය කර ඇත. එහිදී සිගරට් කූරු 420,000ක් මෙලෙස අදාළ බැරල් තොගය තුළ සඟවා මෙරටට ආනයනය කර තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවය. රේගු භාරයට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.5ක් බවද ඔහු පැවසීය.…

Read More

සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (25) දහවල් කාලයේ තිහගොඩ, පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලයකින් මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි. තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූල මණ්ඩලය වෙත යොමුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් එහි දෙපාර්ශවය ආරවුල නිරාකරණය කිරීම සඳහා ඊයේ පැවති සමථ මූල මණ්ඩලය වෙත කැඳවා තිබූණි. එම දෙපාර්ශවය විසින් එම ස්ථානයේ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පහරදීමක් සිදුවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය…

Read More

පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය. පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වූ අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 17,952කට අයත් පුද්ගලයින් 56,878දෙනෙකු පීඩාවට ලක්ව තිබු බව සදහන් වේ. එමෙන්ම උතුරු මැද පළාතේ කිලිනොච්චිය, යාපනය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 7970කට අයත් පුද්ගලයින් 29,299 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. උතුරු මැද පළාතේ ද අනුරාධපුර සහ පොළොන්නරුව යන…

Read More

වාරියපොළ, හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගොස් සිටි දරුවන් දෙදෙනෙකු ගෙන් එක් දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (25) සවස් කාලෙය්දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. මෙම දරුවන් දෙදෙනා ගල්වලක දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් විසින් මොවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත. රෝහල් ගත කරන ලද දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බවට පොලීසිය පවසයි. මියගිය දරුවා වයස අවුරුදු 13ක් සහ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින දරුවා වයස අවුරුදු 16ක් වූ බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි…

Read More

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. මධ්‍යම…

Read More

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කිරීමට නොහැකිව තව දුරටත් රේගුවේ රදවා තබා ඇති බව වාර්තා වේ. සහල් ආනයනයට රජය විසින් ලබා දී තිබු කාලය අවසන් වීම හේතුවෙන් අදාළ සහල් තොගය තවදුරටත් රේගුවේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. රට තුළ පැවති සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට අවසර ලබා දී තිබු අතර එම කාලය පසුගිය 10වනදායින් අවසන් විය. එම කාලය තුළ පෞද්ගලික අංශය සහ රජය විසින් සහල් මෙට්‍ර්ක් ටොන් එක්ලක්ෂ 67,000ක් ආනයනය කර තිබු බව සදහන් වේ.…

Read More

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් විය. වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබේ. වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට…

Read More

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත්තාය. ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව වේ. මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති සිතාරා ඛාන්, 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබේ. සිතාරා ඛාන් කොළඹ මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක්ය.

Read More