Author: LFN
ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බව සඳහන්ය. ළමුන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී තිබේ. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති…
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ නිරිතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන…
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම වෙනුවෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමඟ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දි පැවති විශේෂ සකච්ඡාවේදි අමාත්‍යවරයා එය අනාවරණය කළේය. කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බවත් ජතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරිමට සැලසුම් කරන බ්වත් අමාත්‍යවරයා කීය. වගාවට මෙන්ම නිවාස ඉදිකිරිමටත් ඇති ඉඩම් ඉතා අල්පවීම නිසා වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් වශයෙන් මෙම…
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා ඇත. ජනවාරි මස 8 වන දින කොළඹ මහාධිකරණයේ දී අදාළ නඩු පවරා ඇති බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීම, නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක්…
රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය. “ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ…
ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයකි. පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය. එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි. පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.
පොල්බොක්ක – හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (26) උදෑසන කාලයේ අදාළ පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා සැකකරු ශ්‍රමදාන කටයුක්තකට සහභාගී වී සිටියදී මෙම බහින්බස්වීම සිදු වී ඇති බවත් එහිදී උදැල්ලකින් පහරදී සිදුකර ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 66 ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕපනායක පොලීසිය…
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී තරුණියක් සිදුකළ පිහි ප්‍රහාරයකින් විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. වයස අවුරුදු 19ක තරුණියක් මෙම පහරදීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක තරුණයෙකි. මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැති අතර නමුත් අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇත. එලෙස සිටින අතර ඊයේ රාත්‍රි සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පහරදීම සිදුකළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…