Author: LFN

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ. යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කරන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

Read More

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. “සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ. යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි. රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු…

Read More

‍ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය. මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත එම ග්‍රහලෝක පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව මහාචාර්ය ච්න්දන ජයරත්න මහතා සඳහන් කළේය. “මේ දිනවල රාත්‍රී අහසේ ග්‍රහ පෙළපාලියක් දැකගැනීමේ හැකියාව ලෝක වාසීන්ට උදාවෙලා තියෙනවා. ලංකාවේ අපටත් දැක ගන්නට පුළුවන්. බුද ග්‍රහලෝකය පෙන්නේ නැහැ ඊළඟට සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් දර්ශනය…

Read More

‍රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.…

Read More

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. දැනට පවතින ඇතුළු වීමේ කවුන්ටර (check – in counters) 20ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණය කළේය. තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට ද මෙම සාකච්ඡාවේදී තීරණය…

Read More

ජාතින් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් කුමාර මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියම කළේය. සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉකුත්දා කරුණු දක්වා තිබුණි. ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තලුජා ලක්මාලි මහත්මිය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවය. ඒ අනුව සැකකරු මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන්…

Read More

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය. “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම්…

Read More

2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර ජනවාරි 29 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ දින (27) කාර්යාංශයේදී සිදුවූ අතර, ඊට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු අයත්වේ. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2009 දෙනෙකු පිටත්ව ගොස් තිබුණි. ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) එම අනතුරු පොල්පිතිගම, බද්දේගම සහ පෑලියගොඩ යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පැවසීය. ගල්ටැංවැව – හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරිය විසින් ඇඳගෙන සිටි සාරියේ කොටසක් පිටුපස රෝදයට හිරවීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය හිරිපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකි. මේ අතර බද්දේගම – වදුරබ මාර්ගයේ සුදුවැලිපත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.…

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.

Read More