Author: LFN
කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29) තහවුරු කළේය. ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසීය. මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදෙන බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පියවර ගත්තේ පසුගිය සදුදා (27) රාත්‍රීයේ දී…
ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය. අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා.”
හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබේ. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදුකරන බවත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළහ. ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ,
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ (28) පළමු වරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ තිබුණි. ජනාධිපති අරමුදල් පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, ඊට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු පිරිසක් ඊට එක්විය. එහිදී ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. එමෙන්ම රජයේ රෝහල්වල සැත්කම්…
සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය කර්මාන්තකරුවන් විසින් පාරිභෝගිකයන්ට නිසිලෙස ලබාදෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් එළඹෙන 31වනදා පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කැඳවා ඇති බව එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය. පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමට පියවර ගැනුණි. එමෙන්ම ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩුවු අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන…
අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025” අමතමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවය. “පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා…මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල…
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් – මුරලි කුසලානය වෙනුවෙනි. තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන වෝන් – මුරලි කුසලානය කණ්ඩායම් දෙකේ නායකයින් විසින් ඊයේ (28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන ආවේ ඉතාමත් විචිත්‍රවත්වූ මෙරට සංස්කෘතික ඉදිරිපත් කිරීමක් මධ්‍යයේය. මෙවර ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීව් ස්මිත් විසිනි. මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හෙට ඇරඹෙන පළමු ටෙස්ට් තරගයට…
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…