Author: LFN
අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (28) එම සිදුවීම වාර්තා වී තිබුණේ මාදම්පේ, පැරණි නගරය ප්‍රදේශයෙනි. නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණි. ඒ අනුව, පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි. තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවයක් එම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඝාතනය සිදුකළ…
කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි. එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය. “ජෛව රාසායනික ඔක්සිජන් ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න බේර වැවෙන් ලබාගත් ජල සාම්පලවල ඒ පරාමිතය සිදුකරන්න අඩුම තරමේ දවස් 05ක් ඕනේ. අපි සිකුරාද තමයි බේරේ වැවෙන් ජල සාම්පල ලබාගත්තේ එතකොට අද තමයි දවස් 05 සම්පූර්ණ වෙන්නේ. එතකොට අද හවස් වෙද්දි ඒ පරාමිතය විශ්ලේෂණය කරලා එහි ප්‍රතිඵල මොනවාද කියලා කියන්න පුළුවන්. දැනට සිදුකරපු පරීක්ෂණවලින්…
මුල්ලේරියාව පොලිස් වසමේ උඩමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (28) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී නිවසක සිදුකළ වැටලීමෙන් හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 218ක්, එම ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 667,000ක්, ජංගම දුරකථන 03ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් කාර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත…
ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ. මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත…
රජයේ භාරයේ සිටින පුරවැසියන් ඝාතනය කිරීම කිසි සේත් අනුමත නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවාට සම්මානයක් ලබා දීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවයරා මේ බව සඳහන් කළේය. “එමිල් රංජන්ට සම්මාන දෙන්න තියපු උත්සයක් නෙමෙයි ඒක. නමුත් යම් උත්සයක් පැවැත්වුණා. අධිකරණ ඇමතිතුමා ඒක ගැන කරුණු පැහැදිළි කළා. චෝදනා ලබපු අයට අපි සුදු හුණු ගාන්නේ නෑ, සුද්ද කරන්නෙත් නෑ. බන්ධනාගාරය ඇතුළේ ඉන්න පුරවැසින් ඉන්නේ රජයේ භාරයේ. ඒ අය ආරක්ෂා කරන්න…
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ලබන 05 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි…
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ…
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පැවැත්වීමට බොහෝදුරට හැකියාව පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වන විටත් ඊට අදාළ නඩු තීන්දුව ලැබී ඇති බවය. ඒ අනුව, එම තීන්දුව ඉදිරියේදී කථානායකවරයා විසින් දැනුම් දෙනු අති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පළාත් පලාන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.