Author: LFN

බදුරලිය – සීලදොල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ. ඊයේ (29) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ. බරපතළ තුවාල ලැබු අඹුසැමි යුවළ බදුරලිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ අවුරුදු 32 ක් වූ බදුරුගල්ල වත්ත, බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු විසින් පුද්ගලික අමනාපයක් මත බිරිඳගේ පියාට බැන වදිමින් සිටින අවස්ථාවේදී බිරිඳගේ පියා සහ සහෝදරයා එම ස්ථානයට පැමිණ පොල්ලකින් හා තියුණු ආයුධයකින් මෙම යුවළට පහරදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරුවන් වයස…

Read More

පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි කර තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් කමිටුවක් පිහිටුවන ලද අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ලබන බවත් එම නිර්දේශය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් කර්මාන්ත…

Read More

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව තිබේ. ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇත. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙස විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසුවේ ආණ්ඩුවේ යහපත් දේට සහය ලබාදෙනවා මෙන්ම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව…

Read More

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා මිය යනවිට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. යාපනයේ පිහිටි නිවසේදී ඊයේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතාගේ රෝහල්ගත කරනු ලැබීය. මිය යනවිට ඒ මහතා 82වියේ පසුවිය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම්…

Read More

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා වේ. එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය. ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීම වෙනුවට මුලික වැටුප වැඩිකිරීම ගැන අදහස් ඉදිරිපත් වූ බව ද චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවය. “ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා. ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න…

Read More

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේය. ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ. එමෙන්ම අක්කර 13 379ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බව සඳහන් වේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද දිනයේ මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බවය.

Read More

හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස්දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස නිදහස් කරනු ලබන තායි ජාතිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරතව සිටි කම්කරුවන් බව සඳහන් වේ. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයින් 110 දෙනෙකු මීට පෙර නිදහස් කරනු ලැබීය.

Read More

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය. වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More