Author: LFN
ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. යාපනයේ සංචාරයක නිරතව සිටින ජනධිපතිවරයා වැල්වෙටිතුරෙයි හි අද (31) පැවති රැස්වීමක් අමතමින් මේ බව පවසා ඇත. ඒ අනුව එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?. අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න. අපි ඈත්වෙලා හිටියට…
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් සමග ගසක් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබේ. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. හිනිදුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් තුළදී ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබී සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කළේය. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හල තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණි. පොලිසිය පැවසුවේ අනෙක් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවය. වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ලැගුම්හලේ හිමිකරු…
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත. මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ. ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්ය. එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත. අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත විදේශිකයන් පිළිබඳ නිවේදනය Get Backs Re Non Detained Docket 1 by…
කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් අද (31) අළුයම 3.30ට පමණ ඝාතනය කර තිබේ. පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි. පිහියකින් සහ යකඩ මල් පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර, ඇය ගුරුවරියක් බව සඳහන්. ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ නමුත් මෙම ඝාතනයට සැකපිට ඇගේ බාල සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනයකල බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක්…
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරයි. ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ය. ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබේ. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය. මීට අමතරව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ. එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය. එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ. ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය. ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි. මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම ඊයේ CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා. පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස…
කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයට දැනුම් දී ඇත. කෙසේ නමුත් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඔවුන් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ගන්නා ලෙස සඳහන් කර ඇත. කෙටිකාලීන යෝජනා 1. ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම 2. Green Channel පුළුල් කිරීම…
2011දී සමුපකාර අරමුදලට අයත් රුපියල් ලක්ෂයක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත්, සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමිවුණි. 2011 කුරුණෑගල පැවති ” ඉසුරු සවිය ” ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම වෙනුවෙන් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වියදම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. ඒ එම සිදුවීමට අදාළව එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන්…