Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු
    Featured

    ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු

    By LFNJanuary 31, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2011දී සමුපකාර අරමුදලට අයත් රුපියල් ලක්ෂයක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය.

    කෙසේ වෙතත්, සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමිවුණි.

    2011 කුරුණෑගල පැවති ” ඉසුරු සවිය ” ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම වෙනුවෙන් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වියදම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

    ඒ එම සිදුවීමට අදාළව එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවටය.

    නීතිපති උපදෙස් මත පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු සැකකාර ප්‍රියන්ත මයාදුන්න මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවට ඉදිරිපත් කළාය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රශ්නගත රුපියල් 100,000ක මුදල අදාළ උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා වැය කළ බව සැකකරු පැවසුව ද, එය වියදම් කළ ආකාරය සනාථ කිරීමට ඔහු අපොහොසත්වී ඇති බවය.

    අදාළ මුදල කවර පුද්ගලයෙකුට ලබාදුන්නේදැයි කළ විමසීමේදී එය එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂකයෙකුට දුන් බව සැකකරු පැවසුවද ඒ කවර තැනැත්තෙකුටදැයි පැවසීමට සැකකරුට නොහැකි වූ බවද විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    සැකකාර ප්‍රියන්ත මයාදුන්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ උපදෙස් මත එම මුදල ලබාදුන්නද වසර 13කට පෙරවූ සිද්ධියක් බැවින් එම මුදල දුන්නේ කාටද යන්න පිළිබඳ තම සේවා දායකයාට මතකයක් නොමැති බවය.

    මෙම සැකකරු සිද්ධියේ අතරමැදියෙකු පමණක් වන අතර අයථා මුදල් පරිහරණයකට ඔහු වැරදිකරු බව පැවසීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙහිදී සඳහන් කළාය.

    එබැවින් සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප 02ක් මත සැකකරු ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණි.

    විමර්ශනවල ප්‍රගතිය සඳහා නඩුව මැයි 28 වනදා යළි කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.