Author: LFN

කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් ඊයේ (31) එම වැටලීම සිදුකර තිබුණි. ඒ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ය. තායිලන්තයේ බැංකොක් සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02ක් සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 36 යන වයස්වල පසුවන හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි. ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාලකරුවන්ගෙන් රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (31) රැස්ව තිබේ. අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වේ. එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. දේශපාලන මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට වඩාත් යෝග්‍ය බවය. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා “පක්ෂ කිහිපයක් එක්ක සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒත් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒත් අපි සංවිධායකවරු පත් කරලා පක්ෂ සංවිධායක කටයුතු සිදුකරන්න මෙහිදී සාකච්ඡා කළා. දේශපාලන පක්ෂ එක්ක…

Read More

බහාලුම් නිෂ්කාශන තදබදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව දින 04ක විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ අතර බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා කෙටීකාලීන සහ මධ්‍යකාලීන යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 29ක් විසින් රජයට ඉදිරිපත් කර තිබේ. සති කිහිපයක සිට පවතින කොළඹ වරායේ බහාලුම් පර්යන්තවලින් ආනයනික බහාලුම් නිෂ්කාශනය කර නිදහස් කිරීමේ ප්‍රමාදය නිසා ඇතිව තිබෙන බහාලුම් රථ පෝලිම් ඊයේ (31) පස්වරුවේත් දක්නට ලැබුණි. එවන් පසුබිමක කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වූ යෝජනාවලියක් ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 29ක් ඒකාබද්ධ නිවේදනයක් මගින් රජයට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී…

Read More

මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තා පොලිස් නිලධාරියෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (02) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් අද (01) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ පුද්ගලයෙකු නැව් අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. අනතුර සිදුවී තිබුණේ ඊයේ (31) උදෑසන කාලයේදී ය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා ඩොක්යාඩ් ආයතකනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන අතර උදෑසන ආහාරයෙන් පසු අත් සේදීමට නැව් අලුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ…

Read More

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අනුව අද (පෙබරවාරි 01) දින සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා ඇත. සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දැක්වෙන එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. 2421-41 Jan 31, 2024 – LMVT by poornima on Scribd

Read More

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා මෙලෙස ආනයනයට අවසර හිමිව ඇත. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය…

Read More

උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතාවගේ ඉඩම් ජනතාවට හිමිවිය යුතු බවත්ය. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවද පැවසුවේය. යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය…

Read More