Author: LFN
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවාස 1,700 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එරට තදාසන්න ප්‍රදේශ 06ක් ගංවතුර බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. මේ හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස හැර යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ වසර 60 කට පසු ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණතම ගංවතුර තත්ත්වය මෙය බවය.
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේ රූපලාවන්‍ය ගැන ප්‍රශ්නය. සෞඛ්‍යමය තර්ජනයකුත් තියෙනවා මේකත් එක්ක කළු සල්ලි ජාවාරමකුත් තියෙනවා. අපිට NMRA පනත වෙනස් කරන්න…
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ පරිවර්ථනීය වෙනසක් වෙනුවෙන් ඉදිරියේ දී පියවර රැසක් ගැනීමට නියමිත බවය. “සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා. එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13…
නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 04 දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ද ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් හිදි සිදු කිරීමට නියමිත බවය.
කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් උඩකඩ මාර්ගයට හැරෙන හන්දිය අසලදී කන්ටේනර් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකාරිය මියගොස් තිබේ. ඊයේ (01) රාත්‍රී 08.10 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි. ස්කූටර් වර්ගයේ එම යතුරුපැදිය කන්ටේනර් ලොරි රථයේ වම් පස බදෙහි ගැටී පෙරලීගොස් යතුරුපැදිකාරීය ලොරි රථය තුලට විසිවී ඇති බව සඳහන් වේ. බරපතල තුවාල ලැබූ ඇයව කඩිනමින් රත්නපුර රෝහලට ඇතුලත් කලද ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි. පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, ලොරි රථය යතුරුපැදිය පසුකර යාමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවත්, ලොරි…
පයාගල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂ 15කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද සැකකරු සතුව තිබී පොලිස් නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය. දීර්ඝ කාලයක් පුරාවට සැකකරු සූක්ෂම ලෙස පයාගල, මග්ගොන, බේරුවල, වැලිපැන්න, අලුත්ගම සහ දොඩංගොඩ ආදී ප්‍රදේශ රැසකට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජවාරමේ නිරතව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින මේ වන විට විදෙස් රටක රැඟව සිටින වැලි පැන්න පොඩි පැටීගේ ගෝලයෙකු බවද පොලීසිය පැවසීය. ලාල්මෝලා” යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවන අතර ඊයේ (01) සවස කළුතර අපරාධ කොට්ඨාසය…
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්ය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබේ.
යුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලී සාමාජිකයෙකු වන “රන්කැටියා” යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහබාගේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මගුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඔවුන් සතුව තිබී යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම්, අත්විලංගුවක්, ව්‍යාජ පිස්තෝල අවියක්, අඟල් 32 දිග ඇත් දළ 02 ක් පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රැම් 780ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි. ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය. 2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය. එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල්…
පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව එළැඹෙන බදාදා දින උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. අදාළ ගැටලුව පොදු විපක්ෂයටම මතුව ඇති බැවින් විපක්ෂයේ සියලු පක්ෂ මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බව සඳහන් වේ. මෙම අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.