Author: LFN

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවකි. මරණකාරිය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ තිබුණි. එහිදී අද අලුයම 1.30ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන තිබේ. ඒ සමග ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිවගිය ඇත. මරණකාරියගේ දියණිය පවසා සිටියේ, එලෙස නිවසින් පිටතට දිවගිය මව පසුපස හඹා ගොස්…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව එම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. එම තරගය අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වෙනි ටෙස්ට් තරගය වන නිසාවෙනි. 36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර, මේ දක්වා ලකුණු 7,172ක් රැස්කර තිබේ. ඔහු ටෙස්ට් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 244කි.

Read More

ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණි. ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබූ අතර පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය. ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890කි. කෙසේවෙතත් ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ අනුව ලුණු…

Read More

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ , වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා තිබේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා, “ලංකා පොල් වාණිජ මණ්ඩලය…

Read More

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) සිදුවිය. ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අදාළ ගිවිසුම අත්සන් තබන ලදී. මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසළ ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක්…

Read More

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවය. පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බව ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන…

Read More

නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 77 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට නිදහස් දිනය දා අධිෂ්ඨාන කර ගත යුතු බවය.

Read More

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. සැබෑ නිදහස හනවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත් වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බව ද සිය නිදහස් දින පණිවුඩය තුළින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසීය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බව ද ඇය අවධාරණය…

Read More

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැගූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරය ඉදිරියට යමින් සිටින බවය. 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ. “අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප…

Read More