Author: LFN

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතී. බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් තෝරා පත් කරගෙන ඇති බව සඳහන්ය. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබේ.…

Read More

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය. මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදුකළේය. එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. කෙසේවෙතත් මෙම ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර එය එළැඹෙන මාර්තු මාසයෙන් පසු යළි පැවතී මිලටම ගෙනඒමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජ ආකාරයෙන් පෙනී සිටිමින් විවිධ පුද්ගලයින් බියගන්වා මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. ඊට අදාළව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන්…

Read More

රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන වංචනික දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අදාළ දැන්වීම පළ කර ඇති අතර එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද දැන්වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ඊට අමතරව ශ්‍රීලන්කන්…

Read More

ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබුණි. ඉහත ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ…

Read More

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා, “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට.” “සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට.” “කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා.” සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”

Read More

පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදු කළේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලැබී ඇති බවත් ඒ අනුව මැතිවරණ කාලසටහන පවා මාධ්‍යවල කථාබහට ලක්වූ බවය. එසේ තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට කථානායකවරයා අපොහොසත් වන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස…

Read More

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, අවශ්‍ය පිරිස 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්නා යතු බව දැනුම් දී තිබේ. ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read More

ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (04) පියවර ගෙන තිබේ. ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි. මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපති , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, කුඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති සහ ගල්කිස්ස පොලිස් සැරයන් යන නිලධාරීන්ගේය. මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වනදා නියෝග කර…

Read More