Author: LFN

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි. ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත. සැකකරුට විරුද්ධව ඇති චෝදනාව – 01. 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම. 02. ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය…

Read More

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදී , ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වී සිටීමෙන් පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස් , භාර ගෙන අද (07 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . මොවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. .මොහු ඉකුත් 2024 වසරේ 01/22 දින බෙලිඅත්ත පොලිස් වසමේ , බෙලිඅත්ත -…

Read More

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය. අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය. රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි. විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සඳහන්ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 257ක් රැස්කිරීමට සමත් විය. දෙවන දිනයට අද (7) තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියේය. කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටි අතර, ඔහු සමගින් ලකුණු 5ක සබඳතාවක් පවත්වාගෙන සිටි ළහිරු කුමාරට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබි නොතිබුණි. ඔවුන් දෙදෙනා 10වන කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ළහිරු කුමාර දැවීයාමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් විය. මේ හේතුවෙන් ලකුණු 85ක් රැස්කරගෙන සිටි කුසල්ට සිය 11වන ශතකය අහිමි විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල්…

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන්ය. ඒ අනුව මෙම දුම්රියයන්හි තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්ථනය කරනු ලබයි. කෙසේ නමුත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටු වූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය ආංශය පවසා සිටියේ, එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබෙන බවයි. එම සමාලෝචනයේ කරුණු එළැඹෙන පෙබරවාරි අග වනවිට ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. IMF…

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම චෝදනා සම්බන්ධයෙන් අද (07) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා, “ලංකාවේ වැඩියෙන්ම බීමට ගන්නේ නල ජලය. මේ ජලය පිරිසිදු කිරීමේදී මාර්ගෝපදේශ තිබෙනවා. ලංකාවට හුණු කන්ටේනර 27ක් ඇවිත් තියෙනවා. මෙට්‍රික් ටොන් 550ක්. මේක ලංකාවේ ලැබ් එකේ පරීක්ෂා කිරීමේදී ක්‍රෝමියම් සංයුතිය 14ක්. මේක කොහොමද ලංකාවට ආවේ. සාමාන්‍යයෙන්…

Read More

අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More