Author: LFN
2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබුණි. මෙය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1% ක ඉහළ යාමක් වේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදෙස් විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙන මාර්ගය වන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණයි.
විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව සංශෝධනය මේ මස අවසානයේදී සිදුකිරීමට නියමිත බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය පවසයි. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාව තමාට ලැබී ඇති බවය. අදාළ යෝජනාව විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව රංජිත් ආරියරත්න මහතා පැවසීය. මෙවර සංශෝධනයේදී සියයට 10ත් 30 අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට හැකිවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කළේය.
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළාය. ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), පාසල්වලට සිසුන් ඇතුලත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු…
සේවක අර්ථසාධක අරමුදල යටතේ නව සාමාජිකයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් කම්කරු කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසය. 2025 ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව කම්කරු කාර්යාලය නිවේදනය කරයි. සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ. ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු…
නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේම සේවය කරන ගුරුවරයෙකු ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය (07) එම සැකකරු හා සැකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ, බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. පුසගිය 04 වනදා බියගම පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන සියඹලාපේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහරදී ඇති බව වාර්තා වෙයි. පැරණි අමනාපයක් මත එම පැහැර ගැනීම සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන්…
කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.
පන්නල පල්ලව කර්මාන්තපුරය ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රී 8ට පමණ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථි සුනඛයින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් කිහිප දෙනෙකු අතර මෙම ගැටුම සිදුව ඇති බවය. ගොවිපළේ කුකුලන් කිහිප දෙනෙකු වීථි සුනඛයින් විසින් මරා දැමූ බවට චෝදනා කරමින් දෙපාර්ශවය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත. එහිදී නිවසේ කාන්තාවකට තියුණු ආයුධයිකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තවත් පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය. ඔවුන් ප්‍රතිකාර සදහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලබා ඇත්තේ…
පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය. ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවේය. 2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර ඇත. ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා අද දෙරණට සදහන් කළේය.
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි. එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ මේ වන විට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් කිහිපයක් සිදුකළ අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කරන ලදි. මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන්ගේ උපාය දූතයන් ලවා පරීක්ෂා කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් හිමිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද…