Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාරිභෝගික අධිකාරියෙන් සහල් සම්බන්ධ වැටලීම් 2000ක්
    Featured

    පාරිභෝගික අධිකාරියෙන් සහල් සම්බන්ධ වැටලීම් 2000ක්

    By LFNFebruary 8, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි.

    එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ මේ වන විට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් ක්‍රියාත්මක කරන බවය.

    ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් කිහිපයක් සිදුකළ අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කරන ලදි.

    මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන්ගේ උපාය දූතයන් ලවා පරීක්ෂා කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් හිමිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.

    එහිදි පාලන මිල ඉක්මවූ මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමට යටතේද නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

    සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරණයේ වරදකරුවෙකු වූ විට තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වාත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමටත් හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.