Author: LFN
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව පැවති බව සඳහන් ය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත. එමෙන්ම දෙරට අතර පවතින දීර්ඝ කාලික ද්විපාර්ශික සබඳතා මෙහිදී අවධාරණය කෙරිණි. ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳවද ඔවුන් එහිදී අදහස් හුවමරු කරගෙන තිබේ. ආරක්ෂක කටයුතුවලදී ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදි මෙරටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බවද මහකොමසාරිස්වරයා එහිදි අවධාරණය කර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවේ අඛණ්ඩ සහය…
නීතිපති පාරින්ද රණසිංහගේ තීරණය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කර තිබේ. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත. උපුටාගැනීම….. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B 92/2009 දරන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණයක් සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය සලකා බලනු ඇති බවට ජනමාධ්‍ය වාර්තා පිළිබඳව නීතිඥ සංගමය දැඩි අවධානය යොමුකර තිබේ. නීතිපතිවරයා මහජන ක්‍රියාකාරිකයකු වන අතර, එබැවින් ඔහුගේ තීරණ සම්බන්ධයෙන් මහජනතාවට වගකිව යුතු වුවද, අපරාධ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා අර්ධ…
කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත. එහිදී ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවයි. ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබේ. ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරිය, “පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව අපි කථා කළේ 2001 පමණ ඉදලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියළු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටු වෙනවා. සියළු…
දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නොමැති බවය. ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාවක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම නීති විරෝධී බවද එම කාර්යංශය පවසයි. එවන් කටයුතුවලට හසුවී හෝ…
අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කෙසේ නමුත් අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (7) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ. කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් මෙම සැකකරුවන් විසින් වංචාකර ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු අවුරුදු 26 හා 38 වයස්වල පසුවන මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරු වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43ක් හා…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවය. ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මේ මස 28 වනදායින් අවසන් වන බවද ගණක අමරසිංහ මහතා අවධාරණය කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි. එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වෙයි.
වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.