Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝටි ගණනක් වංචා කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි
    Featured

    කෝටි ගණනක් වංචා කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

    By LFNFebruary 8, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (7) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

    කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් මෙම සැකකරුවන් විසින් වංචාකර ඇත.

    ඔවුන්ගෙන් දෙදෙනෙකු අවුරුදු 26 හා 38 වයස්වල පසුවන මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරු වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43ක් හා නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් ද සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

    අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 22ක් වන කෙලිමුනේ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදාවෙන් පලාගිය සෙබළෙකු බව පොලීසිය පවසයි.

    එමෙන්ම ඔහුගේ පියා යුධ හමුදාවේ සේවයකර විශ්‍රාමිකව සිටින පුද්ගලයෙකු වන බවත් ඔහු විසින් මෙම පතරොම් නිවසට රැගෙනවිත් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.

    සැකකරු වාරියපොල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.