Author: LFN
දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇත. නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය…
යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවය. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණි. ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. * ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත. * රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතාව බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ…
විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි. මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීවය. මේ අනුව ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබුණි. මෙහිදී එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටය. පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවය. එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන…
2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව අදාළ සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් 11 දෙනෙකු මෙම නඩුව…
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන තිබේ. ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී ඇත. ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර, මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පියවර ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් වී සිටියි. ඔවුන් අද (10) උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව…
තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එම අමාත්‍යාශය සඳහන් කළේය. අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබුණි. වඳුරෙකු පැනීම හේතුවෙන් පානදුර විදුලි උපපොලේ ඇතිවූ තත්ත්වයක් ඊට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්, දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය. පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණි. විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අතර සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද අමාත්‍යංශය සඳහන් කළේය.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ පසුගිය 07 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. එහිදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදු පිරිසට සහන ලබා දීම, ව්‍යාපෘතිය ඉදිකිරීමේදි සිදුවූ ගිලා බැසීම්, පුපුරා යාම් නිසා හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීම,…