Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්
    Featured

    උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්

    By LFNFebruary 9, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ පසුගිය 07 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

    එහිදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදු පිරිසට සහන ලබා දීම, ව්‍යාපෘතිය ඉදිකිරීමේදි සිදුවූ ගිලා බැසීම්, පුපුරා යාම් නිසා හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති මගින් පානීය ජලය අහිමි වූ අයට පිරිසිදු ජලය ලබා දීම, කුලී නිවැසියන්ට ලබා නොදුන් කුලී මුදල් ලබා දීම, පූර්ණ නිවාස හානි වූ අයට වන්දි ලබා දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යනයකින් පසු පිළියම් යෙදීම, උමා ඔය පහළ නිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා හල්පිටිගල ජලාශය ඉදි කිරීම මෙන්ම සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධී කාර්යය්න් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම ආදි කරුණු පිලිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සිදුවන සෝදා පාළුව, පාංශු ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම යන කාරණා පුළුල්ව සාකච්ඡා කළ බවත් ඒ අනුව මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජය වෙත නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට සුදුසු බවට අමාත්‍ය ලාල් කාන්ත මහතා කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.