Author: LFN

එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත. හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිත බවය.

Read More

හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය. පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය අද දිනයේද ක්‍රියාත්මකය.

Read More

වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසුවේ මෙම වැඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවය. ඉතුරු සිදුවීම් 06 යම් යම් සිදුවීම් මත පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවක් බවද ඔහු පැවසීය. අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ටී…

Read More

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.

Read More

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ. ඒ අනුව විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත්…

Read More

ගුල්ලන් සහිත මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය. එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත් නියෝග කළාය. පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණි. විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය පවසා ඇත්තේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි…

Read More

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර එම අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි. සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා…

Read More

කොටහේන, බෙනඩික් මාවතේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පොලීසිය සැක පළකරයි. එම වෙඩිතැබීම රාත්‍රී 7ට පමණ සිදුව තිබුණි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදුකර තිබූ බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බව පොලීසිය පවසයි. වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. වෙඩි වැදීමෙන් වයස අවුරුදු 43ක පුද්ගලයෙකු තුවාල ලබා‍ රෝහල්ගත කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙකි. මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි…

Read More

අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මේ අතර අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය. මේ අතර ඊයේ දිනයේ ද දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණි. නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි…

Read More