Author: LFN

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය. පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට…

Read More

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යට ප්‍රදේශයේදී පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. ඊයේ (12) උදෑසන කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක් වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවට පවසා පුද්ගලයෙකු විසින් කළුතර උතුර පොලිස් ස්ථානයට පැමිණිල්ල සිදුකර ඇත. ඒ අනුව පොලීසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුල තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක් ,බැංකු පාස් පොත් දෙකක් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර හමුවූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…

Read More

යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එම හමුව සෞදි අරාබියාවේ දී පැවැත්වෙනු ඇති බව ද ඔහු පවසා තිබේ.

Read More

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. “මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග හා සැලසුම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගතයේ අපේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙතැයි මම තරයේ විශ්වාස කරනවා. වර්තමානයේ දී අපේ රටවල් මට්ටමිනුත් කලාප මට්ටමිනුත් ලෝක මට්ටමිනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. සංකීර්ණයි. මේ ප්‍රශ්න නොතකන…

Read More

‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read More

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද (12) සමත් විය. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය. එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය. එහිදී අසලංක හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් සමඟින් සිය ශතකය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර සියල්ල අවසානයේ…

Read More

හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේය. පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වුණි. මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය. එම නිසා ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, අද (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

Read More

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ. අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය. ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය පැවසීය. කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Read More

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More