Author: LFN

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය. මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් ය. අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිට ඇත. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා පවත්වා තිබේ. එම සාකච්ඡාව පිළිබඳ අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, “සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගයේ කවුරුත් ඇවිල්ලා හිටියේ…

Read More

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මහනුවර ජාතික රෝහලේ තාවකාලිකව නතරවී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයාබැලීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ විවිධ ලැදියාවන් මත ක්‍රියාත්මක කර ඇති මෙම අවිධිමත් කටයුතු රජයට, සෞඛ්‍ය සේවාවට මෙන්ම රටට ද විශාල බරක්වී ඇති බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල නිමාවක් සිදුවිය යුතු බැවින් ඒවා යම්තාක් දුරකට හෝ අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ හටගත් ගින්න තවමත් දැල්වෙමින් තිබෙන බව වාර්තා වේ. අප වාර්තාකරු පවසා සිටියේ, පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට යම්තාක් දුරට පාලනය කර ඇති බවයි. ගින්න නිවීමේ කටයුතු සඳහා ගිනිනිවන කණ්ඩායම් 10ක් යොදවා තිබේ. ඒ අනුව හොරණ ගිනිනිවන ඒකකයට අමතරව කළුතර, කොළඹ හා ගම්පහ ප්‍රදේශවලින්ද ගිනිනිවන රථ මේ වනවිට බොරළුගොඩ කර්මාන්ත පුරයට ගෙන්වා ඇත. මීට අමතරව යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය ඇතුළුව සිවිල් ජනතාව ද ගිනිනිවීමේ කටයුතු සඳහා එක්ව සිටියි. අද පස්වරු 5ට පමණ මෙම ගින්න කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක හටගත්තේය. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවේ.…

Read More

ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද ( Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් ඇතිව තිබේ. මේ වනවිට ගින්න නිවාදැමීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හා යුද හමුදා නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි. සුළං තත්ත්වය සහ අධික බෑවුම හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත. කෙසේ වුවත් වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිම වනසංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගිනි පටි කපා තිබේ. ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට ද මේ වනවිට කටයුතු යොදා…

Read More

අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරයි උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

Read More

මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ. මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2025.02.07 වනදා වෙඩිතබා වයස අවුරුදු 35ක ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි. මෙම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේ (13) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

Read More

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ. ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි. පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි. කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ⁣හිමිවනු ඇත. ඒ අනුව අවම දිනවලදී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිතය. එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතී. පාළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇති. එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවෙයි. මෙම…

Read More