Author: LFN
අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට රජයේ අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමන් මේ බව සදහන් කළේය. මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා සිදුකෙරේ. එමෙන්ම දෙවන අදියර රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වත් ඉදිකිරීමට යෝජිත බව ප්‍රේමතිලක මහතා සඳහන් කළේය. මින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබේ. එමෙන්ම දුම්රිය ස්ථාන රැසක්ද හඳුනාගෙන ඇත. මෙයට සමගාමීව කොළඹ සිට…
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ ඊයේ (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ. නවීන් දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දැරීය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කර තිබේ. 2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි. පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳින ලදි. උන්වහන්සේ තරුණ අවදියේදී එක් පෙනහලුවක කොටසක් ඉවත් කිරීමද සිදුව ඇති අතර ඔහු පෙනහලු ආසාදනවලටද ගොදුරුව තිබුණි. මේ අතර හෙට දිනයේදී සැලසුම් කර ඇති මහජන හමු සහ සඳුදා දින රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය නැරඹීමද අවලංගු කිරීමට වතිකානුව නිවේදනය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඇහැළියගොඩ පොලිස් වසමේ පරකඩුව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. ඇහැළියගොඩ පොලිස් ස්ථානයට ඊයේ (14) අලුයම් කාලයේ ලද තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා, තම දියණිය හා ඇයගේ සැමියා සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇත. පොලීසිය සඳහන් කළේ දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවෙකු ද ඔවුන් සමග නිවසේ පදිංචිව සිට ඇති බවය. ඔහු විසින් පදිංචිව සිටින නිවසේ අයිතිය ඉල්ලා පියා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේදී මරණකරු ආරවුල බේරීමට යාමේදී මුණුබුරා විසින් තල්ලු කිරීම හේතුවෙන් බිම ඇද…
පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය. අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ. බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි. මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ. බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම කළමනාකරණය සඳහා සිදුකළ දෛනික විදුලි කප්පාදුව අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහි ජනන යන්ත්‍ර 03ම අක්‍රිය තත්ත්වයට පත්විය. මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමිවූ අතර ඇතිවූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගනු ලැබීය. මේ හේතුවෙන් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැය එකහාමාර බැගින් මෙන්ම ඊයේ දිනයේ ද පැයක කාලයක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය…
ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කඳුවැටිය ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) පෙරවරුව වනවිට අක්කර 20ක් පුරා පැතිරගොස් ඇති බව වාර්තා වේ. මේ වනවිටත් රක්ෂිතයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් ඇත. ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ මෙම ගින්න ඊයේ (13) සවස 4ට පමණ හටගත්තේය. කෙසේ නමුත් මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතිබව ආපදා කළමානාකර මධ්‍යස්ථානය පැවසීය. පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබේ. පසුව අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර ඇත. ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න,…
බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථය දැඩි අලාභ සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදු තිබේ. මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බව පොලීසිය පවසයි. කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බව වාර්තා වේ. ඒ අනුව මෙම අනතුර හා අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක නොවීම පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය. මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් ය. අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.