Author: LFN
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී රුසියානු – යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බව එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කර ඇති බව සඳහන්ය. ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බව වාර්තා වේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිවුණි. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවය. මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු…
කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. අදාළ සැකකරු විසින් කළුතර උතුර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ සැකකටයුතු ලෙස මෙම ජාවාරම සිදුකර ඇත. එම නිවස පරීක්ෂා කිරීමේදී නිවස පිටුපසදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්කරල් 18ක්,…
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය. ඔහු මෙම අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත්…
පවතින වියළි කාළගුණ තත්ත්වයක් සමග කැළෑ ගිනි ඇතිවීම් වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමේ ගිනි පාලන සතියක් ඊයේ (24) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මාර්තු දෙවන දින දක්වා එම සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සමග මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. මේ හේතුවෙන් වනාන්තර ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යය භාරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වූව ද කැළෑ ගිනි ඇතිවීම වැලැක්වීම හා පාලනය කිරීම දෙපාර්තමේන්තුව සතු සීමිත මානව සම්පත මගින් සිදුකළ නොහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එබැවින් කැළෑ ගිනි…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි…
උස්වැටකෙයියාව වෙරළ තීරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයිනේ ප්‍රදේශ කිහිපකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සැකකරුවන් අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුද සිටින බව සඳහන්ය.
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ අනුව අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ…
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම්…