Author: LFN

මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේ, මේ සඳහා මැතිවරණ නීතිද යම් ආකාරයකට වෙනස් විය යුතු බවයි. කෙසේ නමුත් මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ ඡන්දය නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොැමැති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු බවත් ඒ මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සමන් ශ්‍රී රත්නායක මහතා, “අපේ රටේ තියෙන සම්ප්‍රධාය තමයි ඡන්දයක් තිබුණට පසු පත්කරගන්නවා, ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි අයෙම යනවා. ඕක තමයි ක්‍රමේ. අපි හිතන්නේ පත්කරගත්තට පස්සේ අපේ…

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අනුව පැය 05කට අධික කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල වුණි. ඒ එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු…

Read More

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි. RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත. මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

Read More

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත. වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරු ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබේ. 2024.11.10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව, මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි. එහිදී සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බන්ධාගාරගත කළ සැකකරු පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව කැඳවන බවත් එය කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. “අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා. නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ…

Read More

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණි. ඒ අනුව වියදම් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම…

Read More

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ වරායට ළඟාවිය. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත…

Read More