Author: LFN
මිද්දෙණිය ත්රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරු මෙම ත්රිත්ව ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්රණය කළ අයෙකු බව වාර්තා වෙයි. ඔහු අත්අඩංගුවට ගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හකුරුවෙල ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය. ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” මහා ශිව රාත්රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. සියලුදෙනා ප්රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව…
ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (25) එම අනතුරු සිදුව තිබුණේ ඩෙල්ෆ්ට්, කඳාන, අවිස්සාවේල්ල සහ කටුගස්තොට යන පොලිස් වසම්වලින්ය. ඩෙල්ෆ්ට් – සරාපිටිය මාර්ගයේ ඩෙල්ෆ්ට් රෝහල අසලදී ට්රැක්ටර් රථයක් මාර්ගය අසල තිබූ බෝක්කු කණුවක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, 13 වන කොටස, ඩෙල්ෆ්ට් නැගෙනහිර ප්රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කඳාන පොලිස් වසමේ පේරලන්ද ප්රදේශයේ රාගම දෙස සිට කඳාන දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් පදික කාන්තාවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්…
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්යවසායකයින්ගේ සංසදය පවසයි.
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්රී දිනය අදට (26) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්යය මහා ශිව රාත්රී දිනය ලෙස සැලකේ. රාත්රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි. අඳුර දුරු වී ප්රඥා ආලෝක දැල්වේවා යන ප්රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්ය ක්රියාවල නිරත වීම විශේෂත්වයකි.
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්රීවරයෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21…
ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්යාපන ලේකම්වරුන් ප්රකාශ කළේය. කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්රකාශයට පත් කර තිබේ. මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27වනදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණි.
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්රාමාත්යවරිය මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. එමෙන්ම ඇය පැහැදිලි කරමින් පැවසුවේ වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇති බවය. “ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්රීවරු චෝදනා කරනවා. නමුත් ඒක එහෙම නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව එම වැටුප් ශ්රේණි අතර 07වන ස්ථානය…
විදේශ අමාත්ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබේ. අමාත්යවරයා ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට කවුන්සලය ඇමතීමට නියමිතය. ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පසුගිය ඉරිදා (23) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරය අතරතුර, ඇමැතිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්ය ලේකම්, හයිබරි හි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා ඇත. ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන රාජ්යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය වර්සන් අගබෙකියන් සහ තවත් නායකයන් ද හමුවී සාකච්ජා කර තිබේ. එමෙන්ම ස්ව්ට්සර්ලන්ත සහ පාකිස්තාන නියෝජිතයින් මුණ ගැසී සාකච්ජා කර ඇති බව…
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් එළැඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්. පසුගියදා පළාත් පාලන අමාත්යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන රැස්වීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවය.