Author: LFN

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්වේ. පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවය. මෙම තතත්වය හේතුවෙන් අද දිනයේ පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීම තීරණාත්මක වනු ඇත.

Read More

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී. ඒ අනුව ඊයේ (26) රාත්‍රී කාලයේ රාගම වල්පොල ප්‍රදේශයේදී පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු…

Read More

අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, “දැන් බොහෝ අය ජාතික ආරක්ෂාව ගැන ඕනවටත් වඩා කතා කරන්න පටන් අරන්. ඇති තරම් දේශපාලනඥයෝ මේ රටේ පාතාලය හදන්න, පෝෂණය කරන්න, පවත්වාගෙන යන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ ගැන ඕනවටත් වඩා සාක්ෂි තියෙනවා. එහෙම කරලා හදපු…

Read More

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුලු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගෙන් මෙන්ම ගණේමුල්ල සංජීව උසාවියට රැගෙන එම සිදුකිරීම සම්බන්යෙන්ධ වගකීම දැරු නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. එමෙන්ම තවත් 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම විමර්ශන කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවේ. මේ අතර, උසාවියට ගෙන ඒමට පෙර ගණේමුල්ල සංජීව සිටි සිරමැදිරියේ තිබි ජංගම දුරකථනයක් හමු වී තිබේ. එය විමර්ශන සඳහා යොමු කර ඇති බව වාර්තා වේ. එමෙන්ම මේ වන විට…

Read More

මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පැවැත්විණි. නාවික හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුදේ සිදු කරන මෙහෙයුම් මෙන්ම මුහුදු මාර්ගයෙන් සිදුවන අවි ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම ඇතුලු ගැඹුරු මුහුදේ සිදුකරන නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු සහ නාවික හමුදාවේ ඉහළ නිලධාරීහු පිරිසක්…

Read More

ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට ඊයේ (26) පස්වරුවේ හැකිවිය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ආයුධ සොයාගෙන ඇත. මෙහිදී ඔවුන් විසින් T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (26) උදෑසන මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම විමර්ශනය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙම ආයුධ පිළිබඳ තොරතුර ඔවුන්ට ලැබී ඇත. ගිනිඅවිය කවුරුන් විසින් මෙහි සඟවා ගියේ දැයි මේ දක්වා හෙළිවී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම වැටලීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස්…

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) දහවල් කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මියගොස් ඇති පුද්ගලයා 52 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මරණකරු විසින් පිරිමි පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ…

Read More

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. මේ…

Read More

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය. මාර්තු 21 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත්…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…

Read More