Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
    Featured

    කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

    By LFNFebruary 27, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

    “දැන් බොහෝ අය ජාතික ආරක්ෂාව ගැන ඕනවටත් වඩා කතා කරන්න පටන් අරන්. ඇති තරම් දේශපාලනඥයෝ මේ රටේ පාතාලය හදන්න, පෝෂණය කරන්න, පවත්වාගෙන යන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ ගැන ඕනවටත් වඩා සාක්ෂි තියෙනවා. එහෙම කරලා හදපු පාතාලයේ සිද්ධි තුන හතරක් වෙනකොට ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා.ජාතික ආරක්ෂාවේ අර්ථයවත් දන්නේ නැතුව. තමන්ට මොනවා හරි ආරක්ෂාවක් ලබාගන්න.”

    “අපේ මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. ආරක්ෂාවක් නැතුව. පසුගිය දින කිහිපයේම විපක්ෂය මහා ලොකුවට ඝෝෂාවක් කරනවා.. ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ජාතික ආරක්ෂාව ස්ථාපිත වෙලා තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. සිද්ධීන් සිද්ධ වෙනවා. පොලීසිය දින දෙක තුනක් ඇතුළත ඒවා සොයා ගන්නවා. හොඳ විමර්ශකයින් ඉන්නවා අපිට. උස්වැටකෙයියාවේ වගේම මිද්දෙණියේ ඝාතන සිද්ධ වුණා. ඒවායේ අපරාධකරුවන් ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගත්තා.”

    මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.