Author: LFN

කොටහේන ප්‍රදේශයේ වෙළෙඳසැලකදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස සැඟව තිබූ තවත් කරුණු හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ. ඒ, මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින්ය. ඉන් එක් සැකකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉකුත් 23වනදා මොරටුව ශාන්ත රීටා මාවතේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කර ඇත. එම පැදිකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 06ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 03ක් හා රක්ෂණ සහතික 03ක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ. ඒ අනුව ඔහු…

Read More

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය. තුවාලකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි. ⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන පිරිස ද එක්වීමට නියමිතව තිබේ. මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීමද විශේෂත්වයකි. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග…

Read More

කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයෑමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත. මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. වෙඩිවැදීමෙන් දැරියගේ මිත්තණිය තුවාල ලබා රෝහල්ගතකර ඇත. මෙම අපරාධය සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයට අනුව අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැ‍නීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ විය. එය ලබන 21 දක්වා පැවැත්වේ. මේ අතර ඊයේ (27) පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පසුගිය රජයන් විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14කට රුපියල් කෝටි 53කට අධික මුදලක් වැයකර ඇති බවය. එහෙත් මෙම කොමිෂන් සභා 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස්වල දේපොළ හානිවීම් පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව…

Read More

මගනැගුම ආයතනයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද එහි හිටපු නිලධාරින් දෙදෙනෙකු ලබන මස 03වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් අත්අඩංගුවට ගන්නා ලද මගනැගුම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. 2012 වසර සහ 2015 වසර අතර කාලසීමාව තුළ ව්‍යජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් රජය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී…

Read More

ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා පවසා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් අද (27) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම අදහස් පළකර ඇත. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබාදෙන බවද ඉතාලි තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා…

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්. ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළේය.

Read More

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය. පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඉරාජ් වීරරත්න, “මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා. මම විශේෂ හෙළිදරව්වක් කලා පහුගිය දවස්වල මගේ යූටියුබ් නාලිකාවෙන්. මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් දිගින් දිගටම මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා. මේ ගැන විවිධ පාර්ශවවලින් මට…

Read More

මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත්ය. මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍ය වශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින්…

Read More