Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොටහේන ඝාතනයට අදාළව තවත් තොරතුරු හමුවෙයි
    Local News

    කොටහේන ඝාතනයට අදාළව තවත් තොරතුරු හමුවෙයි

    By LFNFebruary 28, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ප්‍රදේශයේ වෙළෙඳසැලකදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස සැඟව තිබූ තවත් කරුණු හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

    ඒ, මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින්ය.

    ඉන් එක් සැකකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

    ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉකුත් 23වනදා මොරටුව ශාන්ත රීටා මාවතේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කර ඇත.

    එම පැදිකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 06ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 03ක් හා රක්ෂණ සහතික 03ක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

    ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු වයස අවුරුදු 33ක් වන එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

    ඔහු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් එළැඹෙන මාර්තු 01වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන පොලීසිය විසින් මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

    එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත යතුරුපැදියකට ව්‍යාජ අංක සවිකර වෙනත් අපරාධකරුවන් දෙදෙනෙකු වෙත භාර දී ඇති බව අනාවරණය කරගෙකන ඇත.

    ඒ අනුව එම යතුරුපැදිය ද එගොඩඋයන ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

    එම යතුරුපැදිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය ඉකුත් පෙබරවාරි මසදී මාලඹේ දී සොරකම් කරන ලද යතුරුපැදියක් බවයි.

    එමෙන්ම එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් යොදා ඉකුත් 21වනදා දින කොටහේනේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සිදුකර ඇති බවටද පොලීසියට කරුණු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

    ඒ අනුව අදාළ යතුරුපැදිය ද මේ වනවිට කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    එම යතුරුපැදිය සොරාගත් පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඊයේ (27) සවස මොරටුව පොලිස් වසමේ කටුකුරුන්ද ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මාලඹේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    මෙම අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

    ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, කොටහේන හා මාලඹේ පොලිස් ස්ථාන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.