Author: LFN

අද (01) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි…

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය. මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබේ. ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත. එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

Read More

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත නම් සඳහන් සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරු මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරු වන්නේ නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුව ද අත්අඩංගුට ගෙන ඇත්තේ ඉහත චෝදනාව යටතේය. 2025.02.19 වනදා…

Read More

ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයෙකු කඩුවෙල නගරය හරහා ගමන්කරමින් සිටියදී, එම ලොරි රථයට වෙඩිතබා එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස පැහැරගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට එලවළු රැගෙන පැමිණි අධිශීතකරන සවිකරන ලද, ආවරණය කරන ලද ලොරි රථයක් බවයි. එහි රියදුරු තේ පානය සඳහා එම සුපිරි වෙළෙඳසැල අසල පිහිටි රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට සිය රථය නතර කර තිබියදී, සැකකරු ලොරිය සොරාගෙන ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය. පොලිස් පණිවුඩ හරහා ලද තොරතුරක් අනුව මාර්ග බාධක යොදා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර තිබේ. ඒ…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී. මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. බිලියන 1.02ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් පමණ වේ. වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර්…

Read More

ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළාය. පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි. මේ අතර මෙම පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද (28) නියෝග කළේය. විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණ සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලි බල පනතේ 28(2) වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා තැන්පතු මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලියක් ගෙවීමට ලංකා විදුලිබල…

Read More

සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිසාපතිවරුන් හමුවේ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැතිවූ සාකච්ඡාවේදීය. රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%ක් – 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිළි කළේය. රාජ්‍ය සේවය…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ. විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී අදාළ වාර්තාව ලබාදී ඇත. එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතය. පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණි. සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබයි.

Read More