Author: LFN
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ. ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති අතර කවුඩුල්ල වැවේ වාන් දොරටු 02ක්ද විවෘත කර තිබේ. මේ අතර මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හමුවේ ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ. එමෙන්ම පැවති අධික වැසි හමුවේ ඌව පරණගම කහටතලාව ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පෙලක් පිටුපස පිහිටි පස් කන්දක් නායයෑමට ලක්ව තිබේ. මේ හේතුවෙන් එක් වතු නිවසකට හානි සිදුව…
පාසල් සිසුවෙකුට තදබල ලෙස පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. මැදිරිගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අදාළ විදුහල්පතිවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කර ඇත. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් සිදුකර ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැදිරිගිරිය පොලීසිය පෙන්වාදී ඇත්තේ තමා…
අල්ලස් වශයෙන් රුපියල් 11,000/-ක් ලබා ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ අංක 04 හි විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කර තිබේ. මීරිගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ CCTV කැමරා 30ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයෙන් බදු ගෙවීමකින් තොරව නිදහස් කර ගැනීමට අදාළ පැමිණිලිකරුගෙන් රුපියල් 11,000ක අල්ලස් මුදලක් ලබා ගත් චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් මෙම තැපැල් සේවකයාට එරෙහිව නඩු පවරනු ලැබීය. ඒ අනුව චෝදනා 04ක් සඳහා වරදකරු වූ එම සේවකයා සඳහා එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා 04 සඳහා වසර 28ක…
රුපියල් බිලියනයක් වටිනා මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වෑන් රථයකින් අදාළ සැකකරු විසින් මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමි සිට ඇත. අදාළ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්පෙති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් භාවිතා කරන නීතිවිරෝධී වේදනා නාශක පෙති තොගයක් බව සඳහන්ය.
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත. මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ඩී.එස් රත්නසිංහ මහත්මිය පත්කළ අතර, තවත් සාමාජිකයින් 15 දෙනෙක් මේ සඳහා පත්කරන ඇත. මෙම කමිටුව මඟින් මේ වනවිටත් වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම හා කෘෂි බෝග සඳහා හානි කරන සතුන් කලමනාකරණය පිළිබඳව අදහස්…
රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බවය. බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ, “රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් වෙන්නේ නෑ. එක එක කට කථාවලට බය වෙලා ජනතාව ඉන්ධ පිරවුම්හල් වෙත ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ.” යනුවෙනි. මේ අතර ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල ඊයේ සිට අහෝසි…
මීරිගම පොලිස් වසමේ අක්කර 20 ප්‍රදේශයේ ගල් වළක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට හදිසියේ ගලක් වැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) උදෑසන කාලයේ, එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කර ඇත. එම අනතුරින් මියගොස් ඇත්තේ, තවලම්පිටිය, මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගිය 27 වැනිදා රැස්ව තිබේ. ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙනි. එහිදී නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මෙහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් පළමුවරට විදේශගත කිරීම හේතුවෙන් රු. 631,177,650 ක පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව අනාවරණය විය. රුපියල් 22,410 ක ගාස්තුවක් අයකර දින 28…
ලබන 15වනදා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. එහිදි සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු 05ක කාල සීමාවක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊයේ (01) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “අපි මාර්තු 15 වනදා නම්කරලා තියෙනවා රිළවා, දඬුලේනා, මොණරා පිළිබඳ සංගණනයක් සිදුකිරීමට. අපි කාලයක් දෙනවා විනාඩි 5ක්. ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලුම නිලධාරීන්…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) සවස් කාලයේ මහවෙල පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු විසින් පසුගිය පෙබරවාරි 22 වනදා මහවෙල පොලිස් වසමේ මිල්ලවාන, ලූල්කඩ වත්තේදී අවුරුදු 73ක පුද්ගලයෙකු වාඩියක් තුළදී කපා කොටා ඝාතනය කර තිබුණි. එම ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා මහවෙල පොලිස් ස්ථානය මගින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.