Author: LFN
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී, අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති අතර අප්‍රේල් 18 වනදා සවස 3.00සිට සවස 5.30 දක්වාත් 19 වනදා සිට 27 වනදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත. වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ…
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. අම්බලන්ගොඩ කරිත්ත කන්ද ගේට්ටුව සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතර 52.5 කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ ඇල්පිටිය, ඇල්ල පාර පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්ය. පොලීසිය සඳහන් කළේ මෙම දරුවා ජංගම දුරකථයේ handsfree භාවිතාකරමින් තනිවම දුම්රිය මාර්ගයේ ගමන්කර ඇති බවයි. එහිදී ඔහුට නලා හඬ නොඇසීම නිසා පසුපසින් පැමිණි දුම්රියේ ගැටී මෙම අනතුරට මුහුණපා ඇති බවයි. මෙම සිසුවා මෙවර සා. පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව අයෙක්ය. අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ පසුගිය සතියේ දී පාසල් දරුවන් දුම්රිය මාර්ගයේ රැදී සිටීම ගැන ලැබුණු තොරතුරු…
ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය. මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය. මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබේ. එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇති කරන…
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්ය. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට ද අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බවය.
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන් වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…
වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද (2) මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය. ‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇත. දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5ට අවසන් කෙරේ. ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන…
අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු මිලදී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය මිලදී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මගින් කටයුතු නොකර සමථයකට පත් කර එම යන්ත්‍රය මිලදී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කරදීමටත් පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රුපියල් 30,000ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලා ඇත. එසේ අල්ලස් මුදල් ඉල්ලීම සහ ඉල්ලීමට ආධාර අනුබල දීම යටතේ හා එම මුදල් ලබා ගැනීමට…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් පසුගිය 25 වැනිදා පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි. වෙෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය මගින් සිදුකරන ලද මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන දහ අටක් සමග සිදු කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙෙළදපොළ තත්ත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට…
ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක හටගත් ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබේ. අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ යානයේ සුළු වේලාවකින් ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව කඩිනමින් ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ඇති යානයේ නියමුවන් යානය යළි එම ගුවන්තොටුපොළටම ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කර තිබේ. සිද්ධිය වූ අවස්තාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති නමුත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව අනාවරණය වී ඇත.