Author: LFN

අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර, මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ එය සිදුකරනු ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව, 1. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ 2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ 3. ඒකාබද්ධ…

Read More

කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (03) සවස් කාලයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් ඉහත පුද්ගලයාට එහි මුරකරු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. එම වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ කුලියාපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ගිනිඅවිය සඳහා 2025 වර්ෂයට බලපත්‍ර නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

Read More

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. මෙම නියෝජිතයින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබී තිබුණි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබීය.

Read More

නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. එම කාරක සභාව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව සත්ත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය ජනවාරි 31න් පසු බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව…

Read More

බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. රාත්‍රී (03) කාලයේ එම ඝාතනය සිදුකර ඇත්තේ, මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේදීය. එලෙස මියගොස් ඇත්තේ, පේතාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙකි. මරණකරු එළවළු වෙළෙළෙමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදුකළ පහරදීමකින් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති…

Read More

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේදීය. අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි. මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසයි. ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය. ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

‍ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරුවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබු අතර එය ඊයේ (03) රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට එම සංගමය තීරණය කරනු ලැබීය. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලුව සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන…

Read More

පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයට යටවී 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (03) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදීය. මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී ඇත. එහිදී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් එම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ බෑංකඩ හන්දිය අසලදී පුද්ගලික බස්…

Read More

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව ඊයේ (03) දිනයේ ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබේ. ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි…

Read More