Author: LFN
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදීය. මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමුව ඇත. දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ශ්‍රී…
ශ්‍රී ලංකාවේ කැනේඩියා මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි. මෙහිදී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ කැනේඩියා රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය තවදුරටත් ලබාදෙන බවයි. නව රජයේ අරමුණු අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සූදානම් බව ද මහ කොමසාරිස්වරයා කීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.
අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණි. කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකතන අලෙවිසලක හිමිකරුවකු පසුගිය පෙබරවාරි 21වනදා රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. අනතුරුව පළාගිය වෙඩික්කරුවන් දෙදෙනාව පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගත් අතර වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවියද සොයාගත්තේය. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි පෙන්වීම සඳහා වෙඩික්කරුවන් පොලීසිය විසින් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩික්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ලකිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන්…
සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය. අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවය. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට…
නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (05) උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඔවුන් දෙදෙනා උදෑසන මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි. කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වාර්තාවේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පත් කර තිබේ. ඒ අනුව වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ලබන 07 වනදා සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කටයුතු කරනු ඇති. මිට පෙර එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යු.හේරත් මහතාගේ සේවා කාලය එළඹෙන 07 වනදා අවසන් වීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තීන්ටද බලපාන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලා තිබුණි. අදාළ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සම්මේලනය තීරණය කළේ එළඹෙන 6 වනදා පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමටය. ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ…
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළමුවරට ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි. මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට පැන නැගුණු…