Author: LFN

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි. මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා…

Read More

තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ පැල්මඩුල්ල පොලීසියේ නිලධාරීන් විසින්ය. තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා තිබියදී සොයගනු ලැබුවේ 2024 ඔක්තෝබර් 13 වනදාය. ඒ පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවය. ඒ අනුව, පැල්මඩුල්ල පොලීසිය අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනය ඊයේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ…

Read More

රුපියල් මිලියන 69කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 174කට අධික ප්‍රමාණය සොයා ගෙන ඇති බව සඳහන්ය. එම වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හතක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ. එම කේරළ ගංජා තොගය ඉදිරි නිතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදී ඇති බව සඳහන්ය.

Read More

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බවය. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම සඳහා යාල වනෝද්‍යානය මාර්තු 01 දින සිට තාවකාලිකය වසා දැමීමට පියවර ගත්තේය. කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමට හැකියාව ඇති මාර්ග තවදුරටත් සංචාරකයන්ට වසා තැබෙන ඇත. අද උදෑසන කාලයේ යාල ජාතික උද්‍යානයට ලැබෙන වර්ෂා පතනය අනුව…

Read More

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කර තිබෙනවා. ඒ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුවයි.

Read More

2030 වන විට මෙරට විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කර තිබේ. ඒ අනුව සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භූමි භාගයක් හඳුනාගෙන ඇත. එබැවින් බැවින් යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Read More

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ (03) සවස සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් ය. තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී තිබේ. සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Read More

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය වසරේ දී අදාළ දුම්වැටි තොගය තීරුබදු නොගෙවා මෙරටට රැගෙන විත් තිබු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.2ක් වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී එම දුම්වැටි තොගය විනාශ කර ඇත. 2024, 2022‬ සහ 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් එම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කර තිබේ.

Read More

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.

Read More