Author: LFN
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට 16වනදා දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව වන්නේ ‘භජේථ මිත්තේ කල්‍යාණේ’ නොහොත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි. රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසා සිටියේ, බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුකළ යුතු බවයි. මෙම සාකච්ඡාවේදී මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි 12වනදා, එනම් වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේ දී පැවැත්වීමට යෝජනා වී තිබේ.
ත්‍රිවිද හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි. ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට ඊයේ (5) දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත්පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි. ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි. පසුගිය මස 22වනදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාද පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි. අත්අඩංගුවට…
රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩිකිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව, අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත. මෙහිදී, ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහා ද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකරනු ලබයි. තවද, මෙසේ ගෙවනු ලබන…
නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා ඇත. කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ. පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දෙන ඇත. ඒ…
හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත අදාළ තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය. එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන තිබේ. අදාළ පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මේ වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් සඳහන් කර තිබු අතර ඒවා දැඩි කෘමි ආසාදනයට ලක්ව තිබු බව සඳහන්ය. ඒ අනුව අදාළ භාණ්ඩ…
මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය. පසුගිය 04 වනදා පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප තැන්පත් භාරගැනීම ආරම්භකළ ඉකුත් 3වනදා සිට ඊයේ (4) ප.ව. 4.15 දක්වා කාලය තුළ ඇප තැන්පත් කරනු ලැබූ දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව අද (5) ප්‍රකාශයට පත්කළේය. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව