Author: LFN
ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය. මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි. වයස අවුරුදු 42ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ බිරිඳ විසින් පසුගිය මස 14වනදා ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කරනු ලැබූ විමර්ශනයේදී මෙම මෘත ශරීරය හමුව තිබේ. මෙම අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙම්ටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් සිටි බව පවසා තිබේ. ඒ අනුව ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග එක්වී මෘත ශරීරය…
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් විසින් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා පෙන්නුම් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80ක් ලෙසින් වාර්තා වී ඇත. එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28%ක පහළ යාමකි. මේ අතර මණ්ඩලයේ විකුණුම් පිරිවැය රු. බිලියන 78.03 සිට රු. බිලියන 116.29ක් දක්වා 49%කින් මෙම කාර්තුව තුළ…
ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , නීතිපති ඇතුළු පිරිසක්…
එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. ස්ථාන 99ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇත්තේ ඉරානය සහ සුඩානය යන රටවල්ය. ඊට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42කට පමණි. ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,…
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (06) දින මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ, වසර 5ක කාලය තුළ තමා විසින් රු මි 384ක් වියදම් වී ඇතැයි පෙනී ගියද ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවය.
සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි. ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබේ. මිඳුලේ සෙල්ලම් කරමින් සිටි පුතු ගැන සොයාබැලීමට එම ස්ථානයට ගිය මව, සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින්…
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.
බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහරදී ඔහු ද වස පානය කර තිබේ.