Author: LFN
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය. පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන…
ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) පැවැත්වුණි. ඒ මුදල් අමාත්‍යාංශයේදීය. මේ අවස්ථාව සඳහා ජපන් තානාපති Akio Isomata මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය. මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදුකළ යුතු බවත් එම ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමෙන් පමණක් මෙරට ආර්ථිකය ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන හැකියාව ලැබෙනු ඇති බවත්ය.
දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බව සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද (7) පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව හෙතෙම පැවසීය. එමෙන්ම හොඳ ප්‍රවාහනයක් ඇතිකිරීමට කාලයක් ගතවුවත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එතරම් කාලයක් ගතකළ යුතු නැති බවද ඔහු මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා, “අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ. අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ…
දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් අතරතුර දී ප්‍රහාරක ජෙට් යානා දෙකකින් වැරදී සිවිල් වැසියන් සිටි නගරයකට සිදුකළ බෝම්බ බිම හෙළීමක් හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු සහ හමුදා භටයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඊයේ (06) දිනයේ සිදු වූ මෙම අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවය. පිපිරීම් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි පල්ලියේ ගොඩනැගිල්ලකට සහ නිවාසවලට ද හානි සිදු වී ඇත. එමෙන්ම සුලු තුවාල සිදු වූ පුද්ගලයින්ට සිටින බව සඳහන් වේ. ඒකාබද්ධ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අතරතුර ගුවන් නියමුවෙකු වැරදි ඛණ්ඩාංකවලට ඇතුළු වීම හේතුවෙන් ජෙට් යානා දෙකකින් කිලෝග්‍රෑම් 225ක් බරැති බෝම්බ අටක් නියමිත පරාසයෙන්…
2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් ඊයේ (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. මේ අතර වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය. ප්‍රශ්නය – පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ? පිළිතුර – මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ. මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත. ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී තිබේ. බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බව වාර්තා වේ.
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.