Author: LFN
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ. එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමෙන් දන්වා සිටියි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා ඒ බව අනාවරණය කරයි. 2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී දැකගත හැකිය. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා 0.7% කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් ඇත.
අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් කළු ගඟේ ඉලුක්මණ්ඩිය ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. පසුගිය 2 වනදා සිට මෙම තරුණිය අතුරුදන්වී සිටි බවට ඇයගේ සහෝදරයා විසින් ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි. මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාව්‍යා සුභාෂිණි නමැති තරුණියකි. පසුගිය 02 වනදා ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළෙඳසැලෙන් සේවය නිමකර පස්වරු 5:30 ට පිටවී ගොස් ඇති අතර ඉන් පසු ඇය අතුරුදන්වී තිබුණි. ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය සම්බන්ධතා පැවැත්වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයකුගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබුණි. එහිදී ගුරුවරයා විසින් පවසා ඇත්තේ මියගිය තරුණිය 2 වනදා අවස්ථා 2කදී තමන්ට කතා කළ…
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික මහාචාර්ය දෙපළකගෙන් වරින් වර රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ලබා ගත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු විසින් අංජුගේ ගෝලයෙකු බව පවසමින් අදාළ විශ්‍රාමික මහාචාර්ය දෙපළගෙන් මෙලෙස කප්පම් මුදල් ලබා ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි කුලී සේවයේ නිරත තිදරු පියෙකි. මීට වසරකට පෙර පින්තාරුකරුවෙකු ලෙස බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහාචාර්ය දෙපළගේ නිවසෙහි පින්තාරු කිරීමට පැමිණි මෙම සැකකරු විශ්‍රාමික මහාචාර්ය දෙපළ සන්තකයේ මුදල් ඇති බව දැනගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 25, 12, 3, 5 ආදි ලෙස වරින් වර අදාළ දෙපළ බියගන්වා මුදල් ලබා ගෙන තිබේ. පසුගිය පෙබරවාරි මස නැවත සැකකරු…
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව ඊයේ (07) එළිදැක්විය. ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය. එහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බවය.
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකිය. කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇලපාත, අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (7) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී තිබේ. සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලීසිය වැඩිදුර…
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ වැඩකරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුම බවය. ජනාධිපතිවරයාගේ කාන්තා දින පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ, “1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් ”පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසු කාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය.” “පසුගිය කාලය පුරා අප රටෙහි ද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ…
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමු කරමින් අගමැතිවරිය ඒ බව පෙන්වා දෙයි. එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි.” “ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට වැනි වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි.” මෙම ජාත්‍යන්තර…
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය. කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000කට වැඩි පිරිසක් එක්වී තිබේ. කෙසේ වෙතත් පළමුවරට කාන්තා දිනය සැමරූ බවට නිල වශයෙන් වාර්තා වන්නේ 1909 වසරේ පෙබරවාරි මස 28 වනදා ය. සමාජ ක්‍රියාකාරිනී තෙරේසා මල්කියෙල්ගේ යෝජනාවක් මත…