Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාමික මහාචාර්ය යුවළගෙන් කප්පම් ගත් පින්තාරු බාස් අල්ලයි
    Featured

    විශ්‍රාමික මහාචාර්ය යුවළගෙන් කප්පම් ගත් පින්තාරු බාස් අල්ලයි

    By LFNMarch 8, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික මහාචාර්ය දෙපළකගෙන් වරින් වර රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ලබා ගත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු විසින් අංජුගේ ගෝලයෙකු බව පවසමින් අදාළ විශ්‍රාමික මහාචාර්ය දෙපළගෙන් මෙලෙස කප්පම් මුදල් ලබා ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි කුලී සේවයේ නිරත තිදරු පියෙකි.

    මීට වසරකට පෙර පින්තාරුකරුවෙකු ලෙස බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහාචාර්ය දෙපළගේ නිවසෙහි පින්තාරු කිරීමට පැමිණි මෙම සැකකරු විශ්‍රාමික මහාචාර්ය දෙපළ සන්තකයේ මුදල් ඇති බව දැනගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 25, 12, 3, 5 ආදි ලෙස වරින් වර අදාළ දෙපළ බියගන්වා මුදල් ලබා ගෙන තිබේ.

    පසුගිය පෙබරවාරි මස නැවත සැකකරු විසින් රුපියල් ලක්ෂ 8ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ යුවළ විසින් සිය පදිංචි නිවස අතරහැර යාමට සූදානම්ව සිට ඇති අතර සිද්ධිය සම්බන්ධව එම දෙපළ විසින් අසල්වාසියෙකු සමග පවසා තිබේ.

    ඒ අනුව එම අසල්වැසියා විසින් මේ සම්බන්ධව බම්බලපිටිය පොලීසියට කරන ලද දැනුවත් කිරීම අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු මෙම ලබා ගත් කම්පම් මුදල් යොදා සැකකරු සූදු ක්‍රිඩාවේ නියැලී ඇතැයිද තවත් මුදල් ප්‍රමාණයක් වියදම් කර තවත් ගෘහ උපකරණ කිහිපයක්ද මිලදී ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 17 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.