Author: LFN
මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32,36 හැවිරිදි හා වයස අවුරුදු එකක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවේය. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් 02කු සහ ගැහුණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (09) පස්වරුවේ තලවිල සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගී වී නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අදාළ…
රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ රියදුරුවරයෙකු සහ කොන්දොස්තරවරයෙකු තාවකාලිකව වැඩතහනමට ලක් කර තිබේ. වැලිකන්ද සිට ගල්කන්ද අතර ධාවනය වන ලංගම බස් රථයක රියැදුරු සහ කොන්දොස්තර මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ රාජකාරී වේලාව තුළ බීමතින් සිට රාජකාරිය පැහැර හැරි බව කියන සිද්ධියකට අදාළවයි. ඊයේ පස්වරුවේ අදාළ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර පසුව වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබුණි. එම අවස්ථාව වන විටත් කොන්දොස්තරවරයා බීමතින් එම ස්ථානයේ නිදා සිට ඇති අතර රියදුරු පලාගොස් තිබූ බව සඳහන්ය. වැලිකන්ද බස්…
නීතියානුකූල නොවන ලෙසට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ පහක් නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකාර කමාන්ඩෝ සෙබළා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සමග පසුගිය 04 දින කොළඹ අපරාධ කොට්ඨාසාය මගින් කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොටුගොඩ ශාන්ත කයිතානු මාවතේ හිටිය ඔහුගේ නිවස පිටුපස වල දමා තිබියදී ඉහත ගිනි අවිය සහ උණ්ඩ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකාර සෙබළා 37 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වී ඇති…
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි. අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇත. එහිදී අසල්වැසි පුද්ගලයෙකු සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 13,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අද (09) අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින්ය. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කරයි.
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. වෙඩිතැබීමේන් තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි චාමර නදි සදරැවන් නැමැති යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු සහ 30 හැවිරිදි අසිත දේවින්ද නැමැති යතුරුපැදි අලෙවිසැලේ සහයකයාය. මෙම යතුරපැදි අලෙවිසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ සබඳතාවය මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයකු බව වාර්තා වෙයි. ඔහුට ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය…
දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙසය. විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, “අපි යෝජනා කරනවා මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර මූලික අයිතිවාසිකම්වලට විශේෂිතව ළමා අයිතිවාසිකම් එහෙම නැතිනම් ළමුන්ගේ අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අනිවාර්යෙන්ම ඇතුළු විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත්කරවා එපමණක් නොවෙයි අපි යෝජනා කරනවා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, ළමා අයිතිවාසිකම් පිළිබඳ අපි…
වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන “කමාන්ඩෝ රංග” නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ද සොයාගත් බව පොලීසිය පැවසීය. පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පල කරයි.
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට (10) සහ අනිද්දා (11) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකිය. අද (09) රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.