Author: LFN

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර,මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුව අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ. එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත. ඊයේ (10) රාත්‍රී එම අනතුර සිදුව තිබුණේ බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදීය. අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට…

Read More

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි. 2024 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවන දින සහ 2025 වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දින සහතික කරන ලද පරිපූරක ඡන්ද හිමි නාමලේඛනවලට අනුව නව ඡන්ද දායකයින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ඒ අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති…

Read More

බම්බලපිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ. මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ඊයේ (10) දහවල් කාලයේ ගැටී ඇති බව පොලීසිය පවසයි. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇඇති අතර බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර තිබේ. ලෝක ජනගහණයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්තානයයි. ත්‍රස්තවාදී අවදානම…

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවය. මේ තුළින් ඔහු…

Read More

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය. සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ “මල් අල්ලිය” ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල දමාගිය බිලිඳෙකු සොය‍ෙගෙන බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය පැවසිය. මවක විසින් මාස කිහිපයක් වයස ඇති පිරිමි බිලිඳෙකු මෙලෙස දමායන්නට ඇති බව පොලීසිය සැකකරයි. අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේ දී බිලිඳෙකු සිටින බව දැක ප්‍රදෙශවාසින් දැනුවත් කර තිබේ. පසුව අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී මාර්ගයේ දමාගිය බිලිඳා පොලීසියට භාර දී ඇත. පසුව පොලිස් ජංගම රථයෙන් බිලිඳා බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති අතර, බිලිඳා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පැවසිය. බිලිඳා මාර්ගයේ දමා ගිය මව…

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය ඒ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසු සභාපතිනිය, ඒ අනුව, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026…

Read More

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා සිදුකළ දැනුම්දීමක් අනුවය.

Read More