Author: LFN

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසයි.

Read More

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන වනවිට යළි යථාතත්ත්වයට පත්කර තිබේ.

Read More

සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඒ සම්බන්ධව පොලීසියට දැනුම්ද දී ඇත. ඒ අනුව, පේරාදෙණිය පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිළධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී වෙඩි තබා මරණ ලද ඌරෙකු සහ සතුන් දඩයම් කිරීමට ජිප් රථයකින් පැමිණ සිටි පුද්ගලයින් හයදෙනෙකු සිට ඇත. ඒ අනුව එම සැකකරුවන් හයදෙනා ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස්කොපු 03ක්, පොරවක්, අත්පොරවක් ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන…

Read More

වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වුණි. එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා මේ බව පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවය.…

Read More

මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය. ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය. ඊට අමතරව ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ. නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් (2/46) හා මිචෙල් බ්‍රැස්වෙල් (2/28) කඩුලු 2 බැගින් දවාගත්තේය. මෙය ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය. ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට පත්විය. මීට පෙර ඉන්දියාව 2002 (ශ්‍රී ලංකාව සමග සම ශූරතාව) හා 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්‍රහණය කර තිබුණි. එමෙන්ම නවසීලන්තය…

Read More

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු වන යොහාන්, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 5වනදා කටුනායක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඔහුව රැඳවුම් නියෝග මත සිදුකළ විමර්ශනයේදී පන්නල ඇලබලඩගම ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිත්තෝලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊට අමතරව පතරොම් ගැබයක් හා එහි ජීව උණ්ඩ 6ක්ද හමුවී ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය,පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…

Read More

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකාරීය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණිය පොලියක් ලබා දෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් ලබා ගෙන එම මුදල් නොදී සැඟවී සිට ඇති බව අනාවරණය වී තිබේ. හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි. විදේශයන් හී පවතින මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති අතර ඒවා වසර දෙකකට ආසන්න කාලයක සිට ලැබී ඇති බව සඳහන්ය. ඇතැම් පුද්ගලයින්ට තම විදෙස් ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම ‍හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට ද සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ට සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ද ඉදිරි කටයුතු කරගෙන යාමට ඒ හේතුවෙන් ගැටලු මතුවී ඇති බව සඳහන්ය. එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා…

Read More

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය…

Read More