Author: LFN

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත් සමගය. මීට අමතරව ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

Read More

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ. විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ. ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.

Read More

බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවය. ඒ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Read More

ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ පුද්ගලික හෝටලයේ ඊයේ (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි. තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති…

Read More

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයට 22ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට 303ක් ආදී ලෙස මුළු…

Read More

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පවසයි. ඒ අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහාය. පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කෙරිණි. මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන් හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම්…

Read More

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විශේෂ හෙළිදරව්වක් කළාය. එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවය. එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් රජය විසින් පත්කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් වී ඇත්තේ, පාසල් අතර ඇති විශමතාවය නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, පාසල් අතර ඇති ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීමට උත්සහා දරන බවය. “5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග එන්නේ පාසල් අතර තියෙන විශමතාවය නිසා දක්ෂ…

Read More

අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ, ඉහත කාලසීමාව තුළ අ.පො.ස සාමාන්‍ය විභාගයේ උපකාරක පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත තොරතුර ලබාදෙන ලෙසය. පොලිස් මූලස්ථානය – 0112421111 පොලිස් හදිසි ඇමතුම් අංකය – 119 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව – 1911 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 011 278 4208 / 011 278 4537 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම…

Read More

සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ඊයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම කාර්යය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්ය. එමෙන්ම බොහෝ කාලයක පටන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයිද ඒ තුළින් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවත් ඒ මහාතා මෙහිදී පැවසීය. එමෙන්ම මෙම සංගණනය…

Read More