Author: LFN
වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (13) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදුනි. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා එම නියෝගය ලබාදී තිබුණි. සැකකරුගේ සහෝදරිය මෙම සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජංගම දුරකථන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් බරපතළ ලෙස දූෂණය කර තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ…
රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කරදී එම නඩුව අවසන් කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා අදාළ සැරයන්වරයා ඉහත මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇත. කෙසේ නමුත් ඔහු පළමුව රුපියල් 20,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එය රුපියල් 15,000ක් දක්වා අඩුකර ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැරයන්වරයා ඊයේ (11) පෙ.ව. 11ට පමණ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබේ. ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ. අද (12) දහවල් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රෝහල ඉදිරිපිට වෛද්‍යවරු, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක් ද පැවැත්වුහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, වෛද්‍ය සසික විජේනායක මහතා පවසා සිටියේ, සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවය. සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට පැමිණ සිදුකළ සොයා බැලීම සාර්ථක මට්ටමේ පැවතුන ද මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදුනොවන බවට නිශ්චිත සහතිකයක් රජයෙන් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි. එනිසා…
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි. කෙසේවෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහූ පැවසූහ. තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටී. එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස්…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබේ. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකය. මේ අතර, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (12) විභාගයට ගැනීමට නියමිතය. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ…
නීතිවිරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරට රැගෙ විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළට පිවිස මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමග විදේශීය නිශ්පාදිත දුම්වැටි 60,000ක් සමගින් දුම්වැටි කාටුන් 300ක් ද මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිය භාරයට ගෙන ඇත.…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ. කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ. 34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ. යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස්…
අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්නෑව පොලිසිය විසින්. මෙම වෛද්‍යවරිය රෝහලේ සේවයේ යෙදී සිටියදී, රාත්‍රී ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා. එහි දී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු නියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ. මෙම ආවාසනාවන්න සිද්ධියට මුහුණ පා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් කෙසේ වෙතත් මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය. යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ. යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය. දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ…