Author: LFN

ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වෙයි. මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකිරීමට නියමිතය. ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින් මෙම සංගණනය…

Read More

පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. නාරාහේන්පිට පොලිසියට වාර්තාවූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඊයේ (14) සවස් කාලයේදී නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පුද්ගලයින්ට විදෙස්ගත කරන බවට පොරොන්දු ලබාදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් සිද්ධි වාර්තා වී තිබේ. කොළඹ වංචා විමර්ශන කාර්යංශය, වැල්ලවත්ත, වාද්දූව, මීගහවත්ත, හබරාදූව හා ගිරිඋල්ල යන පොලිස් සථානවලට අදාළ පැමිණිලි ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත්කිරීම සඳහා පමනක් අද උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාර්යාලය විවෘතකර තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල දහවල් 12.30 දක්වා විවෘත කර තැබෙන බව සඳහන් වේ. මෙ අතර අදාළා ලිපිය http://www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට…

Read More

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ මාතෘකාව වෙලා තියෙන්නේ තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක් කියන මාතෘකාව. මේ මාතෘකාව මේ වසරේ අරගෙන තියෙන්නේ පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණූ ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම ගැන කාලීනව අවධානය යොමු කරලා තමයි පාරිභෝගික ජාත්‍යන්තරය මෙම වසරේ මේ මාතෘකාව අරගෙන තියෙන්නේ.…

Read More

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇත. අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකිය. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩයිම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත. සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ…

Read More

අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකර ඇති CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ නිලධාරීන් පවසයි. නිලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් නගරයේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අනාවරණය කරගැනීමට තිබෙන අවස්ථාවද අහිමි වී ඇති බවය. 2017 වසරේදී අනුරාධපුර, හබරණ හා පොළොන්නරුව නගරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සැකසීමට උතුරුමැද පළාත් සභාව පියවර ගෙන තිබුණේ රුපියල් මිලියන 7ක වියදමක් දරමිනි. අනුරාධපුර නගරයේ CCTV කැමරා පද්ධතියක් සැකසීමේ අරමුණ වී තිබුණේ නගරයේ සිදුවන විවිධ අපරාධ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා පොලීසියට සහාය දැක්වීමක් ලෙසය. නමුත් CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද මේ වනවිට ඉන්…

Read More

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව අද (14) පෙරවරුවේ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේ දී මෙය හමුව තිබේ. අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා සිදුකළ වැටලීමේදී මෙම ජීව අත්බෝම්බය හමුව ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

Read More

මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් දෙදෙනෙක්වය.

Read More

සීදුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. 2022.09.14 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානය මඟින් ආරම්භ කර තිබු විමර්ශනවලට අනුව මෙම සැකකාරය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින කාන්තාවක් මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවටත්ය. වැඩිදුර විමර්ශනයෙන් පසුව පොලීසිය විසින් මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා…

Read More