Author: LFN
රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම සෞඛ්‍ය ආරකෂාව බවත්, මෙම පණිවුඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් බලාපොරොත්තු…
සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් අදාළ පිරිස් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ආරම්භ වී ඇති බවත් ඉදිරියේදී මෙය ශක්තිමත්ව මෙම ක්ෂේත්‍ර දෙකේම පිරිස් වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපේ රටින් රැකියා සඳහා විදේශ ගතවන විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන්න කියන ඉල්ලීම පසුගිය කාලය පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු රියදුරු රැකියා, ඒ වගේම සංචාරක මාර්ගෝපදේශකයින්, ඒ වගේම වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය. ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය. එමෙන්ම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එමගින් හිටපු…
ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකි. ඊයේ (15) රාත්‍රී කාලයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ නගරයේදී වැටලීමක් සිදුකර තිබේ. එහිදී රිවොල්වර අවියක් එම පතරොම් 02ක් හා 9mm වර්ගයේ පතරොමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තවද ඊයේ දහවල් කාලයේදී රස්නායකපුර පොලිස් වසමේ මගුරන්කඩවල ප්‍රදේශයේදී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 73ක් වූ පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම…
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගම් පවසයි. ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (16) පස්වරු 4 සිට එළැඹෙන 18වනදා දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවය. තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය. “අද තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු 7500ක පුරප්පාඩු තියෙනවා. ඒ තුළ දෙපාර්තමේන්තුව අවම මට්ටමින්වත් සේවය සපයාගෙන යාමේ දැඩි අපහසුතාවයක ඉන්නේ. ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදන්නේ දින…
සන්දවේලි පොලිස් වසමේ දේවපුරම් ක්‍රීඩාංගනය අසළ කැලෑබද ප්‍රදේශයක් තුළ අලුත උපන් නාදුනන බිළිඳු මළ සිරුරක් හමුව තිබේ. සන්දවේලි පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (15) දින හමුවී ඇති මෙම බිළිඳු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධව සන්දිවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරති.
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුමේ මෙම අනතුරු ඊයේ (15) සහ අද (16) අලුයම් කාලයේදී සිදුව ඇති බවය. ඒ අනුව පේරාදෙණිය පොලිස් වසමේ ගම්පොල පේරාදෙණිය මාර්ගයේ අඟුනාවල ප්‍රදේශයේදී මහනුවර දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් කාන්තාවක් හා පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී ඉදිරිපස අසුනේ ගමන් ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 58ක් වූ වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන්…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවය. අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි. අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස…
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…
රුපියල් ලක්ෂ 21ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර පොලීසිය විසින් එම ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ අනුරාධපුර තිසා වැවව නිරාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.