Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්
    Featured

    විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්

    By LFNMarch 16, 2025No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් අදාළ පිරිස් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ආරම්භ වී ඇති බවත් ඉදිරියේදී මෙය ශක්තිමත්ව මෙම ක්ෂේත්‍ර දෙකේම පිරිස් වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අපේ රටින් රැකියා සඳහා විදේශ ගතවන විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන්න කියන ඉල්ලීම පසුගිය කාලය පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු රියදුරු රැකියා, ඒ වගේම සංචාරක මාර්ගෝපදේශකයින්, ඒ වගේම වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වෙන බොහෝ පිරිසට වයසට ගිය විට තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා ඔවුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. අපි දැනටමත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ්‍යයේ තියෙනවා සමාජ ආරක්ෂණ අරමුදල. ඒ අරමුදලත් එක්ක අවබෝධතා ගිවිසුමක් අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් අත්සන් කරලා තියෙනවා. ඒ හරහා දැනටමත් විදේශ ගත ශ්‍රී ලාංකියින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා. නමුත් මේක ගොඩක් විදේශගත ශ්‍රමිකයින් දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල හරහා මේ ස්ථාපිත කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැතිනම් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය මාසිකව ඔවුන් යම් කිසි මුදලක් බැර කළාට පස්සේ ඒ එකතුවෙන අරමුදලින් ඔවුගේ විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමය විදිමත් විදිහට දැනුවත් කිරීම් හරහා ශක්තිමත්ව කරන්න. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයේ හා විදේශ රැකියාවල ඉන්න අයටත් විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒක තව ශක්තිමත්ව දැනුවත් කිරීම් හරහා මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්න අයට හඳුන්වා දීමට අපි පියවර අරගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.